April 19, 2024

විදුලිය ගැන සභාපතිගෙන් සේවකයින්ගෙන් සහතිකයක්! ජල සැපයුමට බාධා?

November 03, 2021

අද පැවැත්වීමට නියමිත ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන සේවක විරෝධතාවය හේතුවෙන් විදුලි, ජල කප්පාදුවක් සිදු වන බවට සමාජයේ මතයක් පැතිර යනවා.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ඉන්ධන පිරවුම් හල් අසල ඊයේ දින දිගු පෝලිම් දක්නට ලැබුණා.

මෙම විරෝධතාව හේතුවෙන් අද දිනයේ විදුලිය බිඳවැටීමක් සිදුනොවන බව ඔහු අවධාරණය කර සිටිනවා.

විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ, අද දහවල් 12.00ට ලංකා විදුලිබල මණ්ඩලයේ මුලස්ථානය ඉදිරිපිට අදාළ විරෝධතාව සංවිධානය කර ඇති බවයි.

එම විරෝධතාව හේතුවෙන් අද දිනයේ විදුලිය බිඳවැටීමක් සිදු නොවන බව ඔහු අවධාරණය කර සිටිනවා.

"ලංගම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විදියට අද දහවල් 12ට ලංකා විදුලිබල මණ්ඩල මුලස්ථානයේ සිට සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරය ඒ ආකාරයෙන් ම පවත්වන්න සුදානම් කරලා තියෙනවා. ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති වරාය ඉදිරිපිටත්, කෙළොන්නාවේ තෙල් ටැංකි ඉදිරිපිටත් ඒ වගේම සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටත් උද්ඝෝෂණය පැවැත්වෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයෝ විදුලිබල මණ්ඩලයේ මුලස්ථානයට රැස්වෙනවා. ආණ්ඩුවට බලකර කියා සිටිනවා අමෙරිකානු සමාගම සමඟ ගහපු ගිවිසුම රට ට හෙළි කරන්න ඕනේ. ආණ්ඩුවට පැහැදිලිව කියනවා අද වැඩවර්ජනයක් නෑ. අද සියලුම සේවකයෝ උද්ඝෝෂණයට එන්නේ බලාගාරවල සහ බිඳවැටුම් සේවකයෝ අදාළ තැන්වල සිටිය දී."

මේ අතර පාලනාධිකාරියේ නියෝග කඩ කරමින් උද්ඝෝෂනයට සහභාගී වන සේවකයින් හදිසි නඩත්තු කටයුතුවලට සම්බන්ධ නොවන්නේ නම් එය සේවා ගිවිසුම උල්ලංඝනය කිරීමක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩස් මහතා ප්‍රකාශ කළා.

"3 සහ 4 විදුලිය විසන්ධිවීමක් හෝ ස්වභාවික හේතුන් මත විසන්ධි වුණත් එය යථාවත් නොකර ඉදීමේ උත්සහයක් හෝ වෑයමක් හෝ අධිෂ්ඨානයක් අපිට දැනුවත් කරපු ආකාරයට පවතින්නේ නෑ. එහෙම විදුලිබල මණ්ඩලයේ සේවා ගිවිසුම් යටතේ සේවය කරන සාමාන්‍යාධිකාරී සිට ඊට පහළ සෑම තරාතිරමකම සේවකයෙක්ම ඒවා සේවා ගිවිසුමේ කොන්දේසියක් ලෙස සලකා සහ රජයෙන් පඩි ලබන අය ලෙස බැඳිලා ඉන්නවා. සැමට සැමවිට නියමිත වෝලටීය ධාරිතාවයෙන් යුත් විදුලිබලයක් ලබලා දෙනවා. එය තමන්ගේ වෘත්තීමය වගකීමක්. වෘත්තීයෙන් බැහැරව රජයේ කටයුත්තක් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ තමන්ට තියෙන මුලික කතා කිරීමේ නිදහස හා අනෙකුත් නිදහස් භාවිත කරමින් අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් අයිතිය තියෙනවා. එයාලට පිකට් කරන්න පුළුවන් විවේක කාලය තුළ හැබැයි වෘත්තීය ක්‍රියාමාර්ගයකට වෘත්තීයට අදාළ නොවන ක්‍රියාවක් සම්බන්ධයෙන් මැදිහත්වීම මම හිතන්නේ බරපතළ විනය විරෝධී ක්‍රියාවක් බවට පත්වෙනවා."

කෙසේවෙතත් අද දිනය තුළ කිසියම් ආකාරයක විදුලිය බිඳවැටීමක් සිදුවුවහොත් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ජල සම්පාදන හා ජලාපවහන සේවක සංගමයේ ලේකම් උපාලි රත්නායක මහතා සඳහන් කළා.

"වෘත්තිය සමිති ප්‍රකාශයට පත්කරලා තියෙන ආකාරයට, විදුලි සැපයුම අඬාලවීමේ අවධානමක් පවතිනවා කියලා ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ. ජලප්‍රවාහන හා ජල සම්පාදන මණ්ඩලය සියලු පොම්පාගාර හා ජලපවිත්‍රාගාර ක්‍රියාත්මක වෙන්නේ විදුලි සැපයුමෙන්. විකල්ප ක්‍රමයක් ජල සම්පාදන මණ්ඩලයට නෑ. යම්කිසි ආකාරයකින් විදුලිය බිඳවැටීමක් සිදුවුවහොත් ජලසැපයුමට බාධාවක් ඇතිවෙනවා."

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 November 2021 10:18