April 20, 2024

සජිත් පිලෙන් රනිල් කොන් කිරීමේ වැඩපිළිවෙලක්: මන්ත්‍රීවරයෙකුට නීතිත් පනවයි

November 01, 2021

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව කොන් කිරීමේ වැඩ පිළිවෙලක් සමගි ජන බලවේගය ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඊට බලපෑ ආසන්නම සිද්ධියක් මේ මෑතකදී සිදුව තිබෙනවා.

තරුණ මන්ත්‍රීගේ ගමන

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන සමගි ජන බලවේග තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය බිරිඳත් සමග රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වෙත ගොස් තිබෙන්නේ කලක පටන් අසනීපව සිටින වික්‍රමසිංහ මහතාගේ බිරිඳගේ සුවදුක් විමසීමටයි.

මේ ගමන සමගි ජනබලවේගයේ ප්‍රධානීන් වෙත ආරංචි වී තිබෙනවා.

පැනවූ තහංචිය

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව මේ වන විට එම මන්ත්‍රීවරයාට රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කතාබස් කිරීම තහනම් කර තිබෙනවා.

පාර්ලිමේන්තු ලොබියේදීවත් වික්‍රමසිංහ මහතා සමඟ කතා බස් නොකරන ලෙසයි එම මන්ත්‍රීවරයාට සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලය උපදෙස්දී තිබෙන්නේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගය තුල බෙදීම් ඇති කිරීමට උත්සාහ කරන බව රහසක් නොවෙයි.

ඒ සඳහා සමගි ජන බලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන්ව උසිගන්වන බව ප්‍රකට කරුණක්.

Rate this item
(0 votes)
Last modified on Monday, 01 November 2021 12:26