April 20, 2024

"අපිටත් මන්න සද්ද හුරුයි" - විමල්, උදය, වාසු ඇතුළු කැරළිකාරයින්ට ආණ්ඩුවෙන් යන්න කියයි!

ආණ්ඩුව දූෂිත බවට චෝදනා එල්ල කරන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ වහාම ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු අභීයෝග කරනවා.

කැබිනට් අමාත්‍යවරු ලෙස සාමුහික වගකීමක් තිබෙන බවත් පක්ෂ රැස්වීමෙදී එකක් කියලා එළියට ගිහින් තව එකක් කියන බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.

"පක්ෂ රැස්වීමෙදී එකක් කියලා එළියට ගිහින් තව එකක් කියනකොට ඒක අපිට ඉවසන් ඉන්න බැරි වෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට. අපි තමා මව් පක්ෂය. අපි එහෙම යට වෙන්න කැමති නෑ. බල්ලා තමයි නැට්ට වනන්නේ. නැට්ටෙන් බල්ලෙක් වනලා නෑ නේ කොහෙවත්. ඒවට ඔය සද්ද වලට අපි බය නෑ. අපිට කම්මලේ සද්ද හුරුයි. යකඩ සද්ද මන්න සද්ද හුරුයි. ගැලපෙන්නැත් නම් දික්කසාද වෙන්න ඕනේ." යැයිද අමාත්‍යවරයා කියා සිටියා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාද "මහජන මන්ත්‍රණ සභාව" පිළිබඳ අදහස් දක්වමින් පැවසූවේ "ගම්මන්පිල ඇමතිතුමා කිව්වා දූෂිත ආණ්ඩුවක් කියලා. ඒ තරම් දූෂිත රජයක් නම් මේක ඇයි එතුමා ඒක තුළ ඉන්නේ."

මේ අතර LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක ප්‍රධානත්වයෙන් පෙරේදා (29) කොළඹදී "මහජන මන්ත්‍රණ සභාව" පවත්වා තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 31 October 2021 15:10

Related items