April 24, 2024

උපරිම සහන දෙන්න රජය සූදානම්! ඇමති පවිත්‍රාගෙන් සහතිකයක්

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට පමණ ආසන්න කාලයක් පුරා අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට සහ අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අද (28) දින පෞද්ගලික බස් රථ හිමියන් සමඟ ප්‍රවාහන අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරිය නිලධාරීන්ට මෙලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

මෙහිදී පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරිය වෙත කරුණු දක්වමින් කියා සිටියේ, බස් රථ සඳහා වන ලීසිං ණය ාරික ගෙවීම සඳහා සහනයක්  ලබාගැනීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම, මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීම, බලපත්‍ර රහිතව ආයතන සේවකයන් ප්‍රවාහනය කරන මුවාවෙන් මගී ප්‍රවාහනය කිරීම නැවැත්වීම, ලංගමය සඳහා අන්තර් පළාත් ධාවනයට අවසර දී ඇති බැවින් එම අවසර ලබාදීමේ ක්‍රමවේදය ඒ්කාබද්ධව සකස්කර පෞද්ගලික බස් ධාවනයටද අවස්ථාව ලබාදීම යන කරුණුයි.

මෙහිදී කරුණු දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ මාර්ග බලපත්‍ර නොමැතිව කාර්යාල සේවා නමින් ධාවනය වන බස්රථ සඳහා නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

එමෙන්ම අදාල ඉල්ලීම් තමා වෙත ලිඛිතව ලබාදෙන ලෙසත් මේ සඳහා උපරිම සහනයක් ලබාදීමට තමා කටයුතු කරන බවත් කිසි විටෙකත් පෞද්ගලික බස් කර්මාන්තයේ බිද වැටීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 00:39

Related items