April 18, 2024

වයස 18ට අඩු අයගේ මරණ දඬුවම ගැන තීරණයක්! කතානායකගෙන් අත්සනක්

මෙරට මරණ දඬුවම ලබාදීම පිළිබඳව විශේෂ තීරණයක් අද (28) ගෙන තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 18ට අඩු අයවලුන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ පනත් කෙටුම්පතකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අත්සන් තබා තිබෙනවා.

කතානායකවරයා මෙලෙස අත්සන් තබා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත සහ තරුණ වරදකරුවන් සංශෝධන පනත් කෙටුම්පත් සඳහායි.

මෙම නව සංශෝධිත පනත් කෙටුම්පත මඟින් යම් වරදක් සිදුකරනු ලබන අවස්ථාවේ වයස අවුරුදු 18ට අඩු යම් තැනැත්තෙකුට එරෙහිව මරණ දණ්ඩනය ප්‍රකාශයට පත් කිරීම හෝ වාර්තා කිරීම නොකර, එම වරදකරු රඳවා තැබීමේ ආයතනයක රඳවා තැබීම සඳහා විධිවිධාන සකස් කොට තිබෙනවා.

එමෙන්ම තරුණ වරදකරුවන් සංශෝධන පනත් කෙටුම්පත හරහා තරුණ තැනැත්තා යන යෙදුම වයස අවුරුදු 18ට සම්පුර්ණ එහෙත් වයස අවුරුදු 22 සම්පුර්ණ නොවූ තැනැත්තෙකු වශයෙන් නැවත අර්ථ නිරූපනය වන ලෙස සංශෝධනය කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 16:29