March 29, 2024

රනිල්ගෙන් පරණ තැටියම: තැටියට හොඳ ප්‍රතිචාර

එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ජන්ම දිනය යෙදී තිබූ දින එ.ජා.පය විශේෂ වැඩකට අත තිබ්බා.

ඒ පක්ෂ සාමාජිකත්වය වැඩි කර ගැනීම සඳහා වූ ඩිජිටල් සාමාජික කාඩ්පත් නිකුත් කිරීමේ වැඩසටහන ආරම්භ කරමින්.

පරණ පොරොන්දුව යළිත් වරක්

"හෙට දකින රට හදන පක්ෂය ලෙස" එම වැඩ සටහන නම් කර තිබුණා.

එය පැවැත්වුණේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා යළිත් වරක් පරණ පොරොන්දුවම ලබා දුන්නේ එම අවස්ථාවට සහභාගී වූ තරුණ තරුණියන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද.

තරුණ තරුණියන්ගේ උණුසුම් ප්‍රතිචාර

එසේ උණුසුම් ප්‍රතිචාර ලැබුණේ "අද මම මෙම පක්ෂය තරුණයින්ට භාර දෙනවා" යයි පක්ෂ නායකයා කළ ප්‍රකාශයට.

රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර කිහිප වතාවක්ම එ.ජා.පයේ නායකත්වය ඇතුළු සියළු වගකීම් තරුණයින්ට ලබාදෙන බව ප්‍රකාශ කළේ දින වකවානුද සමගින්.

මෙම වැඩ වැඩ සටහනේදී මෘදුකාංග සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු පක්ෂ නිලධාරීන්ට ලබා දුන්නේ දිනුක් කොළඹගේ නැමැති තරුණයෙකු විසින් බවත් වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 24 October 2021 22:02