April 25, 2024

දිස්ත්‍රික් ලේකම්වරියක් දේශපාලනයට! පක්ෂයක තනතුරකට නිතරඟයෙන් පත්වෙයි

හිටපු දිස්ත්‍රික් ලේකම්වරියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගනිමින්.

ඒ අනුව ශ්‍රීලනිප කෑගල්ල දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලයේ සභාපතිවරිය ලෙස කෑගල්ල දිස්ත්‍රික් හිටපු ලේකම් ප්‍රේමා දිසානායක මහත්මිය පසුගිය 17 වැනිදා පැවති දිස්ත්‍රික් බල මණ්ඩලයේදී නිතරගයෙන් තේරී පත්වූ බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළා.

ඇය රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාම ලත් ජේෂ්ඨ නිලධාරිනියකි. මේවන විට කාන්තා අයිතීන් හා සමාජ සේවාවන් වෙනුවෙන් ප්‍රමුඛ කාර්යය භාරයක් ඉටු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ශ්‍රීලනිප බල මණ්ඩල රැස්වීම නියෝජ්‍ය කතානායක, ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 October 2021 10:59

Related items