March 28, 2024

පැන්ඩෝරා පත්‍රිකා ගැන ප්‍රකාශයක් දෙන්න තිරු නඩේෂන් අල්ලස් කොමිසමට (VIDEO)

පැන්ඩෝරා පත්‍රිකා මඟින් අයථා මුදල් ඉපයීම් ගැන හෙළිකල නම් අතුරින් තිරු නඩේෂන් සහ නිරූපමා රාජපක්ෂ යන නම්ද ඇතුළත්ව තිබුණා.

ඒ අනුව තිරු නඩේෂන් මහතා දෙවැනි දිනයටත් අද (15) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණියා.

උදෑසන 9.30ට පමණ අල්ලස් කොමිසමට පැමිණි තිරු නඩේෂන් මහතා හවස 2 වන තුරු අල්ලස් කොමිසමේ රැඳී සිටිමින් පිටව ගියා.

මෙම මුදල් ඉපයීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපතිතුමා විසින් අල්ලස් කොමිසමට මීට පෙර දන්වා තිබුණා. 

ඒ අනුව මීට දින කීපයකට පෙර ඔහු ප්‍රථම වරට අල්ලස් කොමිසමට පැමිණි අතර අද පැමිණියේ දෙවන වරටයි.

තිරු නඩේෂන් මහතා, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ  ස්වාමිපුරුෂයායි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 17 October 2021 22:56