April 25, 2024

සිරිසේන ඉදිරියේ ආණ්ඩුව ෆේල් - පොහොට්ටුව තුළින්ම ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

සහල් මිල ඉහළ දැමීමට නායකත්වය දී ඇත්තේ ඩඩ්ලි සිරිසේන මහතා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවක් අමතමින්.

එලෙස ඩඩ්ලි සිරිසේන මහතා සහල් මිල ඉහළ දැමීමට නායකත්වය දීම හමුවේ තමන් නියෝජනය කරන ආණ්ඩුව අසමත් වී ඇති බව ද මන්ත්‍රීවරයා එහි දී කියා සිටියා.

“ඩඩ්ලි සිරිසේන ‘පොර’ වෙලා තියෙන්නේ ලාබෙට හාල් දීලා නෙවෙයි; හාල් මිල වැඩි කරන්න නායකත්වය දීලා. එතනදි නම් අපේ ආණ්ඩුව ෆේල්. මොකද ඩඩ්ලි සිරිසේන වගේ මිනිස්සු පොරවල් කරන්න අවශ්‍ය නෑ”

මේ අතර පවතින ආර්ථික අර්බුධය සම්බන්ධයෙන් ද ඩිලාන් පෙරේරා මහතා අදහස් පළ කළා.

ඔහු පවසා සිටියේ ජනතාවට සහන ලබා දීමට නොහැකි වී ඇත්තේ කොවිඩ් මර්ධන එන්නත්කරණයට මුදල් අවශ්‍ය වී ඇති නිසා බවට යි.

එමෙන්ම ඇතැම් භාණ්ඩවල මිල ගණන් කුමන ආණ්ඩුව පැවැතිය ද ඉහළ යන බව යි ඔහු පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 13 October 2021 07:59

Related items