April 23, 2024

ආණ්ඩුවට එරෙහි සටන සූදානම් - උදය, වාසු, ටිරාන්, රතන හිමි ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් ශ්‍රීලනිප මූලස්ථානයට රැස්වෙයි!

ඇමැතිවරු කිහිපදෙනෙකු ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිපදෙනෙකු විශේෂ සාකච්ඡාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඊයේ(07) පස්වරුවේදී පැමිණ තිබෙනවා.

එම සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජයන්ත සමරවීර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ටිරාන් අලස් යන මහත්වරු සහ අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වී තිබෙනවා.

යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් ඇමෙරිකානු සමාගමකට දීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් සහ විදුලිබල, ඛනිජ තෙල් හා වරාය වෘතීය සමිති කීපයක් අතර මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු විදුලි බල, ඛනිජ තෙල් හා වරාය යන ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් ද ඊට සහභාගි වී තිබෙනවා.

යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගෙන ඇති තීරණය නැවැත්විය යුතු බව එහිදී වෘත්තීය සංගම් නියෝජිතයින් එහිදී පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා වෘත්තිය ක්‍රියාමාර්ගවලට පවා යාමට සූදානම් බවද ඔවුන් එහිදී සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

වෘත්තීය සමිති නියෝජිතයන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කර, හවුල්කාර පක්ෂ 11 නායකයන්ගේ සහභාගීත්වයෙන් වෘත්තීය සමිති යළි හමු වන බවයි පක්ෂ නායකයන් දැනුම් දී ඇත්තේ.

දේශපාලන පක්ෂ නායකයන් හා වෘත්තීය සමිති අතර එම සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවති බව වාර්තා වනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 October 2021 18:46