April 25, 2024

විදෙස් රැකියා සඳහා යන අයට විශේෂ දැනුම් දීමක්

රැකියා සඳහා විදෙස්ගත වීමට සූදානමින් සිටින පුද්ගලයින්ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කොට තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.

ඒ අනුව විදේශ සේවා නියුකත්ති කාර්යංශය මඟින් ලබාදී ඇති ලේඛණ අනුව යුද හමුදාව විසින් මෙම එන්නත්කරණ වැඩසටහන සිදු කෙරෙන බව යි ඔහු පවසා සිටියේ.

මෙය සිදුවන්නේ යුද හමුදා රෝහල තුළ යි.

කෙසේ වෙතත් යුද හමුදාපතිවරයා අවධාරණය කොට ඉල්ලා සිටියේ විදේශ සේවා නියුකත්ති කාර්යංශය මගින් දැනුම් දීම් සිදු කර ඇති පුද්ගලයින් පමණක් මෙම එන්නත ලබා ගැනීම සඳහා පැමිණෙන ලෙසට යි.

එමෙන්ම එම කාර්යංශය මගින් දන්වන දිනයට පමණක් මේ සඳහා පැමිණෙන ලෙසට ද ඔහු ඉල්ලා සිටියා.

දැනුම් දීම් ලැබෙන පුද්ගලයින් ඔවුන්ට වෙන් කර ඇති දිනයේ අදාළ වේලාවට පමණක් පැමිණ නාරාහේම්පිට ශ්‍රී ලංකා යුද හමුදා රෝහලට පැමිණ සිය එන්නත ලබා ගන්නා ලෙසට යි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Rate this item
(1 Vote)
Last modified on Friday, 08 October 2021 15:49