April 19, 2024

අනිල් ජාසිංහට ජාත්‍යන්තරයෙන් තනතුරක් Featured

පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට එක්සත් ජාතින්ගේ සංවිධානයේ තනතුරක් හිමිව තිබෙනවා.

ඒ එක්සත් ජාතින්ගේ පරිසර වැඩසටහනෙහි ආසියා ශාන්තිකර කලාපයේ සාමාජික රටවල පරිසර බලධාරින්ගේ 04 වන සැසිවාරයේ සභාපතිධුරයයි.

මේ දිනවල දකුණු කොරියාවේ සුවොන් නගරයේ පැවැත්වෙන ආසියා පැසිපික් කලාපයේ පරිසර අමාත්‍යවරුන්ගේ 04 වන සැසිවාරයට සමගාමීව පැවැත්වෙන පරිසර බලධාරින්ගේ නියේජිත සමුළුවේ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා  සභාපතිධුරයට පත් කර ගනු ලැබුවා.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඉදිරි වසරක කාලය වෙනුවෙන් මෙම තනතුරට තේරී පත්ව ඇත.

ඒ අනුව ඒ මහතා ආසියා පැසිපික්  කලාපයේ පරිසර බලධාරින්ගේ නියෝජිත බියුරෝවේ සභාපති වශයෙන් ලබන වසරේ පෙබරවාරි මාසයේ පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පාරිසරික වැඩසටහනේ 05 වන මහා සභා රැස්වීමේ දී එම සැසිවාරය නියෝජනය කිරීමට නියමිතයි.

ආසියා පැසිපික් කලාපයේ රටවල් 47ක පරිසර අමාත්‍යවරුන් හා බලධාරින් මෙම සමුළුව නියෝජනය කරයි.

Rate this item
(0 votes)

Related items