April 24, 2024

රාජ්‍ය සේවකයින් ගැන තීන්දුවක් ගනී! විශේෂ වාර්තාවක් ඇමති බැසිල් අතට

September 29, 2021

රට යළි විවෘත කිරීමත් සමග රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාවක් අද (29) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් පසුගියදා රාජ්‍ය ආයතන ප්‍රධානීන්, සෞඛ්‍ය බලධාරීන් හා ප්‍රවාහන බලධාරීන් ඇතුළු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කළ බව එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළා.

ඒ අනුව ඔවුන් යළි සේවයට කැඳවීම සම්බන්ධයෙන් සපුරාලිය යුතු අවශ්‍යතා ගණනාවක් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණි බවත් එකී එකඟතාවයන්ද ඇතුළත් කොට වාර්තාව සකස් කර ඇති බවත් ලේකම්වරයා පෙන්වා දුන්නා.

ඒ අනුව රට විවෘත කිරීමත් සමග රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම සම්බන්ධයෙන් අද(29) ලබාදෙන වාර්තාව පදනම් කර ගනිමින් අවසන් එකඟතාවකට පැමිණෙන බව ද ලේකම්වරයා පැවසුවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 29 September 2021 17:06