March 29, 2024

දයාසිරි දෙබරෙට ගල් ගසයි: හිටපු ජනපති බලයෙන් පහකිරීම කුමන්ත්‍රණයක් - ප්‍රහාරය පිටුපස දේශපාලඥයෙක්

September 29, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කුරුණෑගල දී මාධ්‍ය අමතා ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් කර තිබෙනවා.

ඒ අතර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා බලයෙන් පහ කිරීම කුමන්ත්‍රණයක් ලෙසයි එහිදී මහ ලේකම්වරයා හෙළිදරව් කර තිබෙන්නේ.

හිටපු ජනපති කොටු කිරීම

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාව කොටු කිරීම සඳහා වූ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බව එහිදී මහ ලේකම්වරයා ප්‍රකාශ කර ඇතිමුත් එය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න හෙළිදරව් කර නැහැ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හා පාස්කු ප්‍රහාරකයින් සමග සම්බන්ධ වූ අය කවුරුන්ද යන්න කවුරුත් කතා නොකරන්නේ මන්දැයි ප්‍රශ්න මහ ලේකම්වරයා ප්‍රශ්න කරනවා.

ඒ ගැන කතා කරන අයට දේශපාලන වශයෙන් ප්‍රහාර එල්ල කරණ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රහාරය පිටුපස දේශපාලඥයෙක්

පාස්කු ඉරු දින ප්‍රහාරයට අණදුන් දේශපාලනඥයෙකු සිටින බවටද හෙළිදරව්වක් ජයසේකර මහතා එහිදී කර තිබෙනවා.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් නිකරුනේ හිටපු ජනපතිවරයාට ඇමතිවරුන්ට බැන ඵලක් නැති බවත් කළ යුත්තේ පාස්කු ප්‍රහාරයට අණදුන් ඒ දේශපාලනඥයා කවුරුන්ද සොයා ගැනීම බවයි මහලේකම්වරයා සඳහන් කරන්නේ.

එවිට ඊට සම්බන්ධ අනිකුත් සියලු දෙනාම සොයා ගැනීමට හැකි බවද මහ ලේකම්වරයා අවධාරණය කරනවා.

මදර් බෝඩ් එකට මොකද වූනේ

"සහරාන්ගේ දුරකථනයේ තිබූ මදර් බෝඩ් එක ගත්තේ කවුද.අන්න ඒකයි ඉස්සෙල්ලා හොයා ගන්න තියෙන්නේ.මේ බෝම්බ ගහපු මිනිහගේ දුරකතනයේ සියලු තොරතුරු තියෙනවා."

"ඒ තොරතුරු තියන මදර් බෝඩ් එක කුමන හෝ ඔත්තු සේවාවක් විසින් වෙන රටකට අරන් යනවා.එහෙම අරන් යන්න ලංකාවේ අධිකරණයයි , පොලිසියයි ඉඩ දෙනවා කියන එකත් ප්‍රශ්නයක්.ඒ මදර් බෝඩ් එක එක අරන් ගිය කෙනා එක්ක කතා කළොත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු කවුද කියලා දැනගන්න පුළුවන්."

ශ්‍රීලනිප මහ ලේකම්වරයා එවැනි කතාවකුත් මාධ්‍ය අමතා ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 September 2021 13:28

Related items