April 25, 2024

පක්ෂ රැස්වීමේදී ඇමති විමලවීර යකා නටයි! මැති ඇමතීන්ටත් පරුෂ වචනයෙන් බැන වදී (VIDEO)

September 26, 2021

ආණ්ඩු පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආසන මට්ටමෙන් සිදුකරනු ලබන "ගමට අයවැය - 2022" වැඩසටහන අද (26) දිනයේ දෙහිඅත්තකණ්ඩිය නගර උද්‍යානයේදී පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ලොහාන් රත්වත්තේ සහ විමලවීර දිසානායක යන මහත්වරුන්ද එක්ව සිටියා.

පක්ෂයේ ප්‍රාදේශී මන්ත්‍රීවරුන්ද එම අවස්ථාවට පැමිණි සිටි අතර එහිදී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු විසින් විරෝධය පළ කර තිබුණා.

පසුව අමාත්‍යවරයා විසින් ආවේගශීලි වූ අතර එම අවස්ථාව ආවරණය කිරීමට ගොස් සිටි මාධ්‍යවේදීන්ටද බැන වදිමින් කතා කිරීමට පටන් ගත් අතර පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද අසභ්‍ය වචනයෙන් බැන වදින ආකාරයද මාධ්‍යවේදීන්ගේ කැමරාවේ සටහන්ව තිබුණා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 27 September 2021 10:19

Related items