March 28, 2024

චන්න ජයසුමනගෙන් පෙරළා රාජිතට ප්‍රහාරයක්: ඉතුරු ටිකත් එළියට දානවා

September 22, 2021

හිටපු සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඖෂධ රාජ්‍ය අමාත්‍ය මහතාට එල්ල කළ ප්‍රහාරයට ප්‍රති ප්‍රහාරයක් එල්ල වුණා.

ඒ ඖෂධ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගෙන්.

විශේෂ කරුණ

එහිදී ඔහු රාජිත සේනාරත්න මහතාට ඊයේ (21) එල්ල කළ ඖෂධ සම්බන්ධයෙන් වූ චෝදනා සම්බන්ධයෙන් විශේෂ කරුණක්ද ඉදිරිපත් කළා.

ඒ තමන් ඉදිරිපත් කළේ 2019 ජනවාරි සිට නොවැම්බර් දක්වා තොරතුරු පමණක් බවයි.

ඒ සියල්ල සම්බන්ධයෙන් සියළු වගකීම තමන් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

ඉතිරි තොරතුරු ඉදිරියට

එහෙත් 2015 සිට 2018 දෙසැම්බර් දක්වා සේනාරත්න මහතා කළ වංචා හා දූෂණ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් නොකළ බවත් සඳහන් කරනවා.

එම තොරතුරුද ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට රාජ්‍ය අමාත්‍යවරයා සහතිකයක්ද දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 September 2021 13:28