April 16, 2024

රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්

September 21, 2021

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා එළඹෙන ඔක්තෝබර් මස 05වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අද(21) නියෝග කෙරුණා.

ඒ අද කොටුව මසේත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු අමාත්‍යවරයාව ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් මීට පෙර දින අධිකරණය හමුවේ ඉල්ලීමක් ගොනුකර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද කියා සිටියේ රටේ වර්තමානයේ පවතින තත්ත්වය මත තමන්ට රජයේ නීතිඥවරයෙකුගේ සහාය ලබා ගැනීමට නොහැකිවූ බවත් රජයේ නීතිඥවරයෙකුගේ සහය ලබාගෙන කරුණු ඉදිරිපත්කිරීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙසත් ය.

Rate this item
(0 votes)