April 23, 2024

ගුරුවරුන්ට සුබ පණිවුඩයක්! දීමනාවට අදාළ චක්‍රලේඛය නිකුත් කරයි

September 20, 2021

රාජකාරියේ නිරතවන ගුරු විදුහල්පතිවරුන්ට ලබාදෙන රුපියල් 5,000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.

ඊට අනුව රාජකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට අදාළ දීමනාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මඟින් ලබාගත හැකිය.

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව එළැඹෙන අයවැය මඟින් විසඳන තුරු සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස සඳහා රාකාරියේ නිරත ගුරු විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය පසුගියදා තීරණය කළා.

ඒ අනුව රුපියල් 5,000ක දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙනවා.

එමඟින් ඔහු දක්වා ඇත්තේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල රාජකාරියේ නිරත ගුරුවරුන් සඳහා එම දීමනාව කළාප අධ්‍යක්ෂවරයා මඟින් අදාළ පාසල් වෙත යොමු කර ඇති බවයි.

එසේම රාජකාරිය ඉටුකළ විදුහල්පතිවරුවරුන්ට අදාළ ගෙවීම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ලබාගත හැකි බවත් දන්වා තිබෙනවා.

අනුකමිටුව විසින් නිර්දේශිත ගුරු සේවාව, විදුහල්පති සේවාව සහ ගුරු උපදේශක සේවාවන් සංවෘත සේවාවක් වශයෙන් නම් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය එළැඹෙන නොවැම්බර් 20 වැනිදා වන විට නිකුත් කිරීමටත් ඉතිරි නිර්දේශ මාස 6ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එහි ප්‍රගතිය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

Rate this item
(0 votes)