April 19, 2024

නීතිවිරෝධී තංගුස් දැල් සමග දෙදෙනෙක් කොටු 

හම්බන්තොට නගරයේ වෙළෙඳ සැල් දෙකක තිබී ලක්ෂ 10 ක් පමණ වටිනා නීතිවිරෝධී තංගුස් දැල් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් ජල ජීවි හා වගා සංවර්ධන නිලධාරීන් සහ හම්බන්තොට පොලීසිය එක් ව අද අත්අඩංගුවට ගෙන තිබේ.

එම තංගුස් දැල් විකිණීම, ළඟ තබා ගැනීම සපුරා තහනම් ය.

නිල උපාය දූතයෙක් යොදවා දැල් මිල දී ගැනීමේ අරමුණින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හම්බන්තොට පොලීසිය විසින් සිදු කරයි.

සනත් ගමගේ 

 

Rate this item
(0 votes)