March 28, 2024

බ්‍රිතාන්‍යයේ රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

September 18, 2021

එක්සත් රාජධානිය සිය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 22 වනදා සිට එය ක්‍රියාත්මක බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් එම ලැයිස්තුවෙන් ඉවත්කරන බවයි එරට ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් සඳහන් කර ඇත්තේ. එම රටවල් වන්නේ තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, පාකිස්තානය, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාවයි.

ඒ අනුව අදාළ රටවලින් පැමිණ සංචාරකයින් හෝ පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවනු ඇති.

සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව පීසිආර් පරික්ෂාවකට ලක්වීම ද අවශ්‍ය නොවන බවයි බ්‍රිතාන්‍යය ප්‍රවාහන ලේකම්වරයා  සඳහන් කර තිබෙන්නේ.

Rate this item
(0 votes)