April 25, 2024

රජයේ තවත් ප්‍රධානියෙකු ඉල්ලා අස්වෙයි!

September 18, 2021

රජයේ ආයතනය තවත් ප්‍රධානියෙකු ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

ඒ පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන තුෂාන් ගුණවර්ධන මහතායි.

දේශපාලන බලපෑම්

දේශපාලන බලපෑම් හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

සුදුළුෑනු බහාලුම් දෙකක් නීති විරෝධීව පිට කිරීම ඇතුළු සිදුවූ වංචා කිහිපයක් සම්බන්ධයෙන් ඔහු විසින් හෙළිකර තිබුණා. 

සමාගම්වලින් අමුතු ගිවිසුම්

ඉන් අනතුරුව සුදු ලූනු කිලෝ ග්‍රෑම් 54,000කින් යුත් බහාලුම් දෙකක් නීතිවිරෝධී ලෙස මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතොස ආයතනයේ මූල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊට අමතරව කිරිපිටි හා සිමෙන්ති සමාගම් සමග පාරිභෝගික අධිකාරිය ගිවිසුමකට එළඹෙන ලෙසට පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් වූ යෝජනාවට තුෂාන් ගුණවර්ධන මහතා විරෝධය පළ කර තිබුණා.

Rate this item
(0 votes)