April 25, 2024

රනිල් සහ රංගේට ලෙඩක් වැටෙයි: 29 දා අධිකරණයට කැඳවයි

September 16, 2021

කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ බද්දේගම සභා මන්ත්‍රී මංජුල වසන්ත මහතා ඇතුළු එ.ජා.ප පළාත් පාලන මන්ත්‍රීවරුන් 21 දෙනෙකු වෙනුවෙට වෙනත් පිරිසක් පත් කිරීම වළක්වාලමින්.

සාධාරණ විනය පරීක්ෂණය

පසුගිය මහ මැතිවරණයේදී එ.ජා.ප යෙන් කැඩී ගිය සමගි ජන බලවේගයට සහාය දැක්වීම යන චෝදනාව යටතේ සාධාරණ විනය පරීක්ෂණයකට මුහුණ දීමට අවස්ථාවක් ලබා නොදී රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි පක්ෂයෙන් නෙරපා ඇති බවත් එසේ නෙරපීම යුක්ති සහගත නොවන බව පෙන්වාදෙමින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බලමින් මේ තීන්දුව නිකුත් කර තිබෙන්නේ.

දිසා විනිසුරුගේ එම තීන්දුව මෙන්න 29 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදියි නියෝගය නිකුත් කර තිබෙන්නේ.

නොතීසි නිකුත් කිරීම

එදිනට අධිකරණය හමුවේ පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

එහි වග උත්තරකරුවන් ලෙස රනිල් වික්‍රමසිංහ , පාලිත රංගේ බණ්ඩාර සහ විනය කමිටු ප්‍රධානී අමිත ජයසේකර යන මහත්වරු නම් කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 September 2021 03:11

Related items