April 20, 2024

මහ බැංකු අධිපති ඉල්ලා අස්වීම ජනපතිට භාරදෙයි

September 14, 2021

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා සිය අල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දී ඇති බවට වාර්තා වෙනවා.

මීට දින 03කට පෙර ඔහු විසින් සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාරදී තිබුණු බවයි වාර්තා වන්නේ.

එළැඹෙන ඔක්තොම්බර් මාසයේ දී ඔහු සිය 80 වෙනි උපන්දිනයදා මහ බැංකු අධිපති ධූරයෙන් විශ්‍රාම ගැනීමට සුදානමින් සිටිය පසුගිය කාලය තුළ වූ විවිධ සිත් රිදවීම් නිසා තමා එම ධූරයෙන් ඉවත් වන බවට හාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා මීට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා.

මේ වන විට හිටපු අධිපතිවරයා විසින් සිය නිල නිවාසයෙන් ද ඉවත් වීමට කටයුතු කර ඇති බවද සඳහන්.

ඊයේ (13) රාත්‍රීයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාව යළිත් මහ බැංකු අධිපති ධූරයට පත් කරමින් ජනාධිපතිවරයා විසින් නිවේදනයක් නිකුත් කළා.

කබ්රාල් මහතා හෙට (15) දිනයේ සිය නව ධූරයේ වැඩකටයුතු බාර ගැනීමට සුදානමින් සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 14 September 2021 12:31