April 20, 2024

ස්මාර්ට් දුරකථන ඇතුළු විදුලි උපකරණ මිල ඉහළ යන හැටි මෙන්න

September 11, 2021

පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී පනවන ලද නව සීමා හේතුවෙන් එම භාණ්ඩ වල මිල අවම වශයෙන් 40% කින් වත් ඉහළ යනු ඇතැයි ආනයනකරුවෝ පවසා සිටිනවා.

මෙතෙක් ණයවර ලිපි මඟින් භාණ්ඩ ආනයනය කර අලවියෙන් පසු මුදල් ගෙවීම සිදු කළත් දැන් එය වෙනස් කරමින් 100%ක් වූ ආන්තික තැන්පත් ක්‍රමයක් යටතේ ආනයනය කළ යුතු බවටයි මහ බැංකුව දැනුම් දී තිබෙන්නේ.

මෙම නව ක්‍රමවේදය  යටතේ නිසි වෙලාවට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් සැපයුම්කරුවන් භාණ්ඩ සැපයුමද නො කරමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙනවා.

සම්පූර්ණ මුදල් මුලින් ගෙවීමේ ක්‍රමය අනුව බොහෝ ආනයන කරුවන්ට එම මුදල් යෙදවීමට නොහැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් භාණ්ඩවල තදබල හිඟයක් ඇති වී භාණ්ඩවල සීග්‍ර මිල ඉහළ යාමක් ඇතිවුනු ඇති බවත් ඔවුන් පවසා සිටිනවා.

දැනට වෙළඳ පොලේ ඇති භාණ්ඩ වල ද මිලද වේගයෙන් ඉහළ ගොස් ඇති අතර නව කොන්දේසිවලට පෙර රුපියල් දෙලක්ෂ පනස්දහසක්ව පමණ වූ ඇතැම් ජංගම දුරකථන වල මිල රුපියල් තුනලක්ෂ පන්දහසේ සීමාවේ සිට රුපියල් ලක්ෂ 5ක් දක්වා ද ඉක්මවා ගොස් ඇති බවද දැකගත හැකි වුණා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 September 2021 17:31