March 29, 2024

රජයෙන් තවත් සහනයක්!

September 10, 2021

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම් දීමක් කරනවා.

ආදායම් බදු ගෙවන්නන්ට ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා දඩ පොලී රහිතව හිග බදු ගෙවිමට අවස්ථාව සලසා දී තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.ඩබ්ලිව් හීන්බණ්ඩා මහතා පැවසූවේ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හමුවේ ආදායම් බදු ගෙවන්නන් මුහුණ දී ඇති දුෂ්කරතා සැලකිල්ලට ගෙන එම තීරණය ගනු ලැබූ බවයි.

ආදායම් බදු ගෙවීම සඳහා විස්තර දැනගැනීමට 1944 ක්ෂණික දුරකතන අංකය ඒ සදහා හඳුන්වාදී තිබෙනවා.

ආදායම් බදු ගෙවීම සඳහා දෙපාර්තමේන්තුවට පැමිණිම අවශ්‍ය නොවන බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 10 September 2021 18:52