March 29, 2024

මාගම්පුරට ජර්මනියෙන් ගොඩ බසී 

මගීන් 800 ක් රැගත් මගී නෞකාවක් අද පෙරවරුවේ මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට පැමිණි බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

ඔවුන් දේශීය නර්තන කණ්ඩායමක් මගින් වරායේ දී පිළි ගත් අතර එලෙස පැමිණි සියළු සංචාරකයින් ජර්මන් ජාතික පුද්ගලයින් බව වාර්තා වේ. 

කතරගම පුදබිම සහ උඩවළව, ඇත් අතුරු සෙවණ නැරඹීම සඳහා ඔවුන් බස් රථවලින් පිටත් ව ගිහය.

එම සංචාරකයින්ට මිල දී ගැනීම සඳහා දේශීය නිෂ්පාදන අලෙවි සැල් කිහිපයක් ද වරායේ විවෘත කර තිබේ.

සනත් ගමගේ 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 April 2014 17:25