March 28, 2024

මෛත්‍රී ලොකු වැඩකට අතගසයි! සියලු බලවේග රැස් කරයි

September 04, 2021

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලෙස ඉදිරි අනාගතය සඳහා පුළුල් ශක්තිමත් වැඩපිළිවෙළක් මේවන විට ක්‍රියාත්මක කරගෙන යන බවත් පුළුල් ජාතික ව්‍යාපාරයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

කොරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීමට මෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වර්තමාන රජයට පූර්ණ සහාය ලබාදෙන බවද ඔහු පෙන්වා දුන්නා. 

රට සහ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකිරීමට පියවර ගන්නා බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

“වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අද තිබෙන ආර්ථික අර්බුදයත් විශේෂයෙන්ම කොරෝනා වසංගතය කියන කාරණයේදීත් අපි වර්ථමාන රජයට අපේ සම්පූර්ණ සහයෝගය දෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලෙස ඉදිරි අනාගතය සඳහා පුළුල් ශක්තිමත් වැඩපිළිවෙළක් මේවන විට ක්‍රියාත්මක කරගෙන යනවා. පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරමින්, පුළුල් ජාතික ව්‍යාපාරයක් සකස් කිරීම අපේ බලාපොරොත්තුව.“ යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර පසුගිය 02 වැනිදා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සර වැඩසටහන අමතමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ සමකාලීන සියලු බලවේග සමඟ දැය දිනවන වැඩපිළිවෙලකට අවතීර්ණවීමට සූදානමින් සිටින්නැයි සියලු පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

තාවකාලික පසුබෑම් යනු ඕනෑම දේශපාලන පක්ෂයකට පොදු කරුණක් බවද මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 September 2021 11:08