April 25, 2024

යුද ගිනි ඇවිලෙන ඇෆ්ගනිස්ථානයේ සිටින ලාංකිකයන් ගැන නිවේදනයක්

මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී තිබෙන ඇෆ්ගනිස්ථානයේ සිටින ශ්‍රී ලාංකිකයන් 66 දෙනෙකු මේ වන විට ඉවත් කරගෙන ඇති බවට විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටිනවා.

ජාත්‍යන්තර හවුල්කාර පාර්ශවයන්ගේ උපකාරයන් ඇතිව මෙරට ශ්‍රී ලාංකිකයන්ව ගලවා ගැනීමට හැකි වුණු බවට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින්,

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයේ සිට පැමිණෙන මඟීන් සඳහා ආරක්ෂාව අපේක්ෂා කරයි

ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයේ ප්‍රවණතා පිළිබඳව අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, මානුෂීය අංශය ඇතුළුව එහි පවතින තත්වය පිළිබඳව සැලකිල්ලෙන් පසුවෙයි.

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ඇතිව ඇෆ්ගනිස්ථානයෙන් සිය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා පහසුකම් සැලසීය. 2021 අගෝස්තු 30 දින වන විට, ශ්‍රී ලාංකිකයන් හැට හය දෙනෙකු (66) ඉවත් කරගෙන, තවත් සත් දෙනෙකු (7) ඉවත් කර ගැනීම සඳහා ඉතිරිව සිටින අතර, ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකු (21) දැනට ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට තීරණය කොට ඇත.

ගමන් කිරීම සඳහා අවසරය ලැබී ඇති සියළුම දෙනාට ආරක්ෂිතව හා විධිමත් ලෙස පිටවීමේ ස්ථානය දක්වා ගමන් කිරීමට සහ ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීම සඳහා අවසර දෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2021 අගෝස්තු 30 වැනි දින

Rate this item
(0 votes)