May 20, 2024

අනවසර වී ගබඩා 4කට මුද්‍රා තබයි (PHOTOS)

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි නොවී වී එක්රැස් කල මහා පරිමාණයේ වී තොග එක්රැස් කරන්නන් හතර දෙනෙකු සතු වී කිලෝ ලක්ෂ හයකට (6) කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ භාරයට ගත් බව බදුල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශණ නිළධාරී ශාන් යාපාරත්න මහතා සදහන් කරනවා.

උල්හිටිය, ගිරාදුරුකෝට්ටේ සහ දිවුලපැලැස්ස ප්‍රදේශවල සිදු කරන ලද විමර්ශණ වලදී ස්ථාන හතරක තිබී මෙම වී තොග සොයාගෙන තිබුණා.

පාරිභෝගික අධිකාරියේ භාරයට ගත් වී තොග රජයේ නියමිත මිලට වී අලෙවි මණ්ඩලය වෙත අලෙවි කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ ලියාපදිංචි නොවී වී එකතු කල ව්‍යාපාරිකයින් හතර දෙනාට විරුද්ධව අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරනා බවත් විමර්ශණ කටයුතු නිමවන තෙක් වී තොග එක්රැස් කර තිබූ ස්ථාන මුද්‍රා තැබීමට ද කටයුතු කල බවයි ශාන් යාපාරත්න මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.

(බදුල්ල - ජයලත් දිසානායක)

 

Rate this item
(0 votes)