April 25, 2024

"ඔබ කියන ඔය පුතා මම නම් නෙමෙයි" - වෙල්ගමට විමුක්තිගෙන් පණිවිඩයක්

විමුක්ති කුමාරතුංග මහතාගේ ශ්‍රී ලාංකීය දේශපාලන ආගමනය සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තිවල බලපෑම කෙතරම් ප්‍රබල වීද යත් ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා නිවේදනයක් නිකුත් කිරිමට කුමාරතුංග මහතාට සිදුව තිබෙනවා.  

තමා ලංකාවේ දේශපාලනයට පැමිණෙන බවට පලවන ප්‍රවෘත්ති සහ කට කතා වලට පිළිතුරු දීම සඳහා විමුක්ති කුමාරතුංග මහතා ලන්ඩනයේ සිට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රබල දේශපාලන පවුලක පුතෙකු ශ්‍රී ලාංකීය දේශපාලන කරලියට පිවිසීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් තිබෙන බවට පසුගිය දිනවල වාර්තා වූ ප්‍රවෘත්ති වලට තමන්ගේ සම්බන්ධයක් නැති බවයි සිය නිවේදනයේ කුමාරතුංග මහතා සඳහන් කරන්නේ.

කුමාර වෙල්ගමගේ ප්‍රකාශය

තබා අලුතින් හදන පක්ෂය තුළින් මෙරට ප්‍රභූ දේශපාලන පවුලක පුත්‍රයෙකු දේශපාලනයට පැමිණෙන බව මාධ්‍ය අමතා සඳහන් කලේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයායි.

වෙල්ගම මහතා සිය පක්ෂය හරහා මෙසේ දේශපාලනයට ගෙන ඒමට බලාපොරොත්තු වන ප්‍රභූ දේශපාලන පවුලක චරිතය විමුක්ති කුමාරතුංග මහතා බවයි වෙල්ගම මහතාට සමීප ආරංචි මාර්ග තහවුරු කරන්නේ.

ගෞරවාන්විත , සරල සහ අප්‍රකට ජීවිතයක් ගත කිරීමට මේවට විතක් තමා දැඩි උත්සාහයක් දරා ඇති තවද සිය නිවේදනයෙන් පෙන්වා දෙන කුමාරතුංග මහතා අනාගතයේ දී ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකු ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම බැහැර කරන බවයි දන්වා සිටින්නේ.

සමාජ සේවා කිරීමේ බලාපොරොත්තුවක්

තමාගේ මාතෘ භූමිය වන ශ්‍රී ලංකාවට බොහෝ සෙයින් ආදරය කරන මුත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ නිරතවීමට තමාගේ කිසිම අදහසක් නොමැති බව පැහැදිලිවම ප්‍රකාශ කිරීමට කැමති බව කුමාරතුංග මහතා සිය නිවේදනයේ දක්වා තිබෙනවා.

ඉකුත් වසර 21 පුරාවට මහා බ්‍රිතාන්‍ය තුළ පශු වෛද්‍යවරයෙක් ලෙස හා පසු අක්ෂි වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් විශේෂඥ පුහුණුව වෙනුවෙන් කැපවී කටයුතු කරන බව සිය නිවේදනයෙන් පෙන්වා දී තිබෙන කුමාරතුංග මහතා තමාගේ පෞද්ගලික හැකියාවන් තුලින් වැදගත් යැයි සිතන සමාජ සේවා කටයුතු ශ්‍රී ලංකාව තුළ කිරිමට බලාපොරොත්තු වන බවයි මතක් කරන්නේ.

කුමාරතුංග මහතාගේ ශ්‍රී ලාංකීය දේශපාලන ආගමනය සම්බන්ධයෙන් පල වන ප්‍රවෘත්ති අසත්‍ය බව දන්වමින් කුමාරතුංග මහතාගේ මව වන හිටපු ජනපතිනී චන්ද්‍රිකා ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියටද  මීට ටික දිනකට පෙර මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටත් සිදු වුණා.

විමුක්ති කුමාරතුංග මහතා අතිශයින්ම ජනප්‍රිය සිනමා නළුවකු මෙන්ම මානව හිතවාදියකු වූ විජය කුමාරතුංග මහතාගේ එකම පුත්‍රයා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 August 2021 16:14