April 19, 2024

රටේ තත්ත්වය දරුණු වෙද්දී ධම්මික පැණිය ගැන රජයෙන් තීරණයක්

ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිපදවනු ලැබූ “ධම්මික පැණිය” නමින් ප්‍රචලිත වූ පානයට ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ එම පැණිය ශක්‍යතා වාර්තා අසමත් වීම හේතුවෙන්.

මීට පෙර එයට තාවකාලික බලපත්‍රයක් ලබා දී තිබුණේ අතිරේක ආහාරයක් ලෙසට හඳුන්වමින්.

කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර වෙදමහතා එය කොවිඩ් මර්ධන ඖෂධයක් ලෙස හැඳින්වූ අතර එය ලබා ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් පැමිණියා.

මේ පිළිබඳව ආයුර්වේද කොමසාරිස්, වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා.

“ඒ සම්බන්ධව කරන ලද සායනික පරීක්ෂණවලින් අපිට තහවුරු වුණේ නෑ එහි තියෙන ශක්‍යතාවය, සාපල්‍යතාවය සම්බන්ධව. ඒ නිසා ලබා දී තිබූ තාවකාලික අවසර පත්‍රය අපි අයින් කරගෙන තියෙනවා”

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 August 2021 19:19

Related items