March 29, 2024

SLIIT ආයතනය කනපිට! නඩුත් වැටෙන ලකුණු!

මහපොළ අරමුදලෙහි ව්‍යාපෘතියක් ලෙස, එම අරමුදලට අයත් රුපියල් මිලියන 500ක් යොදවා ආරම්භ කළ SLIIT (ස්ලිට්) ආයතනය, පසුව වානිජ ව්‍යාපාරයක් ලෙස අධික ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට විවිධ පාර්ශවයන් විසින් කටයුතු කර ඇති බවට කෝප් කමිටුවේ දී අනාවරණය වී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව SLIIT ආයතනය යළි මහපොළ අරමුදල යටත පවරා ගැනීමටයි කෝප් කමිටුව නිර්දේශ කර ඇත්තේ.

එලෙස කටයුතු කිරීම හරහා සාධාරණ ගාස්තු ගෙවීමකට යටත්ව සිසුන් හට උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සළසා දීම අරමුණු වී තිබෙනවා.

එමෙන්ම SLIIT ආයතනය අමාත්‍යංශයක් යටතට පවරාගන්නා ලෙසට ද කෝප් කමිටුව නිර්දේශ කර ඇති බව සඳහන්.

SLIIT ආයතනය පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාවලිය සංවිධානාත්මක වංචාවක් බව පෙනී යන බව යි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මගින් කෝප් කමිටුව සඳහන් කර ඇත්තේ.

SLIIT ආයතන සම්බන්ධව රජයට තිබූ අයිතිය අහිමි කිරීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ අදාළ සියළු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට ද කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

Rate this item
(18 votes)
Last modified on Monday, 09 August 2021 20:01

Related items