April 23, 2024

රටම මරු සෙවනැල්ලෙන් වැසෙද්දී පාසල් ඇරඹුම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මෙම මස අවසන් වීමට පෙර සියළුම රජයේ ගුරුවරු සහ පාසල් අනධ්‍යන සේවකයින් හට කොවිඩ් මර්ධන එන්නතෙහි දෙවැනි මාත්‍රාව ද ලබා දී එන්නත්කරණය කර අවසන් කිරීම සිය අරමුණ වූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

ඉන් අනතුරුව යම් ක්‍රමවේදයකට අනුව සැප්තැම්බර් මාසයේ පළමු සතියේ දී පියවරෙන් පියවර පාසල් විවෘත කිරීමට රජය සැළසුම් කොට තිබූ බව ද ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් මේවන විට එය සැප්තැම්බර් මුල් භාගයේ දී සිදු කිරීම අවිනිෂ්චිත වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේවන විට දිවයිනෙහි පවතින සෞඛ්‍ය අවදානම හේතුවෙන් එම තත්ත්වය උදා වී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

රජයේ ගුරුවරුන් හට කොවිඩ් මර්ධන එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දී ඇති නමුත් දෙවැනි මාත්‍රාව බොහෝ දෙනෙකුට ලැබී නැහැ.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියා සිටියේ එන්නත් ලබා දුන් පමණින් කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තිය නොලැබෙන බව යි.

පූර්ණ ප්‍රතිශක්තිය ලැබීමට නම් දෙවැනි මාත්‍රාවෙන් ද පසු සති දෙකක්වත් ගත විය යුතු බව ඔහු පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 09 August 2021 19:10