April 25, 2024

ජනාධිපති කාර්යාලය අසල නොසන්සුන්තාවයක්! 38ක් අත්අඩංගුවට

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසල නොසන්සුන්කාරී තත්වයක් හටගෙන තිබුණා.

ඒ එම ස්ථානයට පැමිණි විරෝධතාකරුවන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු 38 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

ඒ අනුව මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා රජයට බලකරමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති මාර්ග කිහිපයක් ඔස්සේ රථ පෙළපාලියකින් අද කොළඹට පැමිණ තිබුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ එම 38 දෙනාට අමතරව තවත් 4 දෙනෙකු ද එම ස්ථානයේදී අත්අඩංගුවට ගත් බවයි. 

ඉන් තිදෙනෙක් කාන්තාවන්ය. ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 42කි. 

ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයින්වීම, ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම, නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා බව පොලීසිය පැවසුවා.

Rate this item
(0 votes)