March 29, 2024

මුහුදේ භූ චලනය ගැන සුනාමි මධ්‍යස්ථානයෙන් තවත් නිවේදනයක්

ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ චලන මාලාවක් සිදුව ඇති බව අප මීට පෙර වාර්තා කළා.

ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර මින් සඳන් කළේ මෙරට වෙරළබඩ ප්‍රදේශවල ජීවත්වන ජනතාව ඉදිරි නිවේදනයන් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවට යි.

කෙසේ වෙතත් මෙම භූචලනවලින් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නොමැති බවට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය තවත් නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් වන්නට පිහිටි නිකොබාර් දූපත් ආසන්න මුහුදේයි මෙම භූචලන සිදුව තිබුණේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය නිවේදනය කළේ මෙහි දී ප්‍රබල භූ චලන 04ක් සිදුව ඇති බව යි.

පළමු භූ චලනය අද අළුයම 6.27ට පමණ සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය ඒකක 4.6ක් පමණවන බව සඳහන්.

පසුව අද උදෑසන 9.12ට පමණ තවත් චලන තුනක් වාර්තා වී ඇති අතර ඒවායේ ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ ඒකක 5.3ක්, 5.8ක් සහ 6.5ක් ලෙසට යි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 August 2021 13:05