April 19, 2024

ඊළඟ නායකයා විමුක්ති නෙමෙයි? ශ්‍රිලනිප හිටපු ප්‍රබලයා කියන කතාව

ඉදිරියේ දී දේශපාලනය සඳහා හොඳ නායකයන් පැමිණීමට නියමිතව ඇති බවට  සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටියා.

මෙරට ප්‍රසිද්ධ පවුලක හොඳ උගත් නායකයෙක් නව සංවිධානයක් හරහා මහජනතාවට ඉදිරියේ එළිදැක්වීමට බලාපොරොත්තු වන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ මාධ්‍ය හමුවකදී වන අතර එහිදී මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ “ඔබතුමා මේ හදන්නේ විමුක්ති කුමාරතුංගට දේශපාලනය එන්න මාවතද?” යනුවෙනි.

එයට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ “කවුරු හරි වෙයි, මං ඉතින් කියන්නේ නැහැ, විමුක්ති කුමාරතුංගද, අර නමද මේ නමද කියලා මං නම් කියන්න යන්නේ නැහැ..” යනුවෙනි.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ දේශපාලන පසුබිමක් සහිත, තරුණ හොඳ උගත් නායකයෙක් ඉදිරිපත් වනු ඇති බවයි.

Rate this item
(0 votes)