April 25, 2024

නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් නොඑන හේතුව වෙල්ගම හෙළි කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවෙන් දැන්ම ඉවතට නොඑන බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසා සිටිනවා.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින නායකයන් බලයට කෑදර අය බවටද කුමාර වෙල්ගම මහතා විසින් චෝදනා කළා. 

ඔහු පවසා සිටියේ ඉස්සර සිටි නායකයන් මෙන් නොවන දැන් සිටින නායකයන් බලයට කෑදර බවත්, ඔවුන්ගේ වැරැදි වසා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වී ආණ්ඩුව සමඟ සිටින බවයි.

එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේ “නැත්නම් එගොල්ලොන්ට කරන කෙණහිලිකම්වලට දැන් ඕන නම් එළියට බහින්න පුළුවන්නේ..” යනුවෙනි.

ඔහු මේ බව පවසා සිටියේ මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

Rate this item
(0 votes)

Related items