April 25, 2024

සාමන්‍ය පෙළ විභාගයේ මුල් තැන ලැබුවෝ

2013 පැවති අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව වැඩිම ලකුණු හිමි කර ගනිමින් ශිෂ්‍යාවන් දෙදෙනෙකු දිවයිනේ පළමු ස්ථානය හිමි කර ගෙන තිබේ. 

ඒ අනුව ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ මෙනුෂිකා ජයනි කාරියවසම් ශිෂ්‍යාව හා කොළඹ විශාකා විදුහලේ තපෝදා හරින්ද්‍රි ගංගොඩවිල ශිෂ්‍යාව දිවයිනෙන් පළමු ස්ථාන ලබා ගෙන තිබේ. 

එම ප්‍රතිඵල අනුව දෙවැනි ස්ථානය මාතර රාහුල විදුහලේ තේජාන් ගුණසේකර සිසුවා හිමි කර ගෙන ඇත. තෙවැනි ස්ථානය කොළඹ ආනන්ද විදුහලේ රවීන් ලසිදු සිසුවා හිමි කර ගෙන ඇත.

මේ වන විට අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවිය හරහා දැනගත හැක. 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 April 2014 17:43