April 20, 2024

අධිකරණ නියෝගයක්! මෙරට සියලු අසභ්‍ය වෙඩි අඩවි තහනම් Featured

මෙරට තුළ ක්‍රියාත්මක වන සියලු අසභ්‍ය අඩවි තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විසින් ඊයේ (29) දිනයේ දී විදුලි සංදේශ නියාමන කොමිසම වෙත නියෝග කර තිබෙනවා.

අදාළ වෙබ් අඩවිවලට ප්‍රවේශ වීම්, එවැනි වෙබ් අඩවි නාමයන් ලියාපදිංචි කිරීම, ගෙවීම් කිරීම හා සේවා සැපයුම්වලට අදාළ විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය විසින් කොමිසම වෙත වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.

නීතිපති දෙපාර්තුමේන්තුව විසින්  මෙම අසභ්‍ය වෙබ් අඩවි හරහා මිනිස් වෙළෙදාම හා ලිංගික අපයෝජනය සිදු වන බවට අධිකරණයට කරුණු දක්වා කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 ප්‍රකාරව අධිකරණ බලය භාවිත කරමින් මෙම නියෝග නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය කටයුතු කළා.

ගල්කිස්ස ප්‍රදේශයේ 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය හරහා අලෙවි කිරීමෙන් පසුව ඇතිවූ තත්ත්වය මත මෙම තීරණය සඳහා ප්‍රධාන හේතුවක් බවට පත්වී තිබුණා.

Rate this item
(0 votes)