April 20, 2024

කොළඹ හතේ "අයේශා" වදකාගාරය Featured

කොළඹ හතේ පවත්වාගෙන ගිය නවතම බාල වයස්කාර වධකාගාරයක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

එම වධකාගාරය පවත්වාගෙන ගොස් තිබෙන්නේ රිෂාඩ් බදුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ ඔහුගේ බිරිඳ වන අයේශා බදුදීන් මහත්මිය විසින්.

හිටපු දැරිවියකගේ සාක්ෂිය

මේ බව හෙළිදරව් වී තිබෙන්නේ එම නිවසේ කලක් සේවය කළ බාලවයස්කාර දැරියකගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී.

වැසිකිලි හරිහැටි සෝදා නොමැති නම් බදුදීන් මහතාගේ බිරිඳ මුහුණ කොමඩ් එක ඇතුලට ඔබන බවත් පිඟන් හරිහැටි හෝදා නොමැති නම් එම පිඟන් වතුර පිටින්ම ඔළුවට හලා පහර දෙන බවත් ඒ හැරුණු කොට කොස්සවල් කැඩෙනතුරු පහර දෙන බවද එම සාක්ෂිකාරිය පොලිසියේ විමර්ශකයන් හමුවේ පවසා තිබෙනවා.

මේ සියලු සිදුවීම් හෙළිදරව් වන්නේ රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාලවයස්කාර ඉශාලිනි ජූඩ් කුමාර් නැමැති බාලවයස්කාර දැරිවිය මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී.

මියගිය දැරියටද සැලකූ ආකාරය

සිරුරට ගිනි ඇවිලී මෙන් මිය ගිය ඉශාලිනී ජූඩ් කුමාර් දැරිවියද රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳගේ විවිධ පහරදීම් වලට , අඩත්තේට්ටම් වලට මෙන්ම ඇගේ අනුදැනුම මත ලිංගික අපයෝජනයන්ටද යොදාගෙන ඇති බවත් පරීක්ෂණවලදී සොයාගෙනයි තිබෙන්නේ.

එමෙන්ම එම දැරිවියව නිවසට පිටින් ඇතුල්විය හැකි විදුලි ආලෝකය පවා නොමැති අනාරක්ෂිත කුඩා කාමරයක රඳවා තැබූ බවයි පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන්නේ.

මේ වන විට වාර්තා වී තිබෙන තොරතුරු වලට අනුව විටින් විට රිෂාඩ් බදුදීන් මහතාගේ නිවසේ බාලවයස්කාර දැරිවියන් 11 දෙනෙකු සේවය කර ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

සිය දිවි නසාගැනීම් හා ස්ත්‍රී දූෂණ

ඉන් එක් අයෙක් බම්බලපිටියේදී දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇති බවයි එළිදරව් වී තිබෙන්නේ.

ඒ හැරුණු කොට මේ වන විට 22 වැනි වියේ පසුවන තරුණියක් මීට වසර 7 කට පෙර බාලවයස්කාර දැරිවියක ලෙස රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවය යොදවා සිටියදී රිෂාඩ් බදුදීන් මහතාගේ බිරිඳගේ සහෝදරයා විසින් දෙවතාවක්ම දූෂණය කර ඇති බවත් සනාථ වී තිබෙනවා.

ස්ත්‍රී දූෂක රිෂාඩ් බදුර්දීන්ගේ මස්සිනා එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතව.

Rate this item
(1 Vote)
Last modified on Friday, 30 July 2021 06:45