April 24, 2024

කාන්තාවක් සමග සම්බාහන කුටියක තනිවූ අයෙකු එලොව යයි

සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු එම මධ්‍යස්ථානය තුළ දීම මරණයට පත්ව ඇති පුවතක් වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි අයෙක්.

අදාළ පුද්ගලයා සම්බාහනයක් සිදුකරගැනීමට යැයි පවසා අදාළ ගොඩනැගිල්ල වෙත පැමිණ ඇත්තේ අද (29) අළුයම 5ට පමණ යි.

සම්බාහනය සඳහා සේවය සැපයූ කාන්තාව සමග මෙම පුද්ගලයා අදාළ කුටිය වෙත ගොස් සුළු වේලාවකින් මරණයට පත්ව ඇති බව සඳහන්.

තලංගම පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව යි.

වයස අවුරුදු 37ක්වන ඔහු විවාහක පුද්ගලයෙක්.

මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර මෙම පුද්ගලයා හදවත් සැත්කමකට ද භාජනය වූයෙකු බව පැවසෙනවා.

එමෙන්ම අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිත කර සිට ඇති අතර ඊට අමතරව බීමතින් ද සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

පසුගිය දින කිහිපයේ මොහු සිට ඇත්තේ සිය බිරිඳ සමග ගම්පහ ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවසේ යි.

එහි සිට තනිව සිය නිවසට පැමිණ ඇති මොහු ඒ අතරතුර මෙලෙස සම්භාහන මධ්‍යස්ථානයට පැමිණ ඇති බව පැවසෙනවා.

මේ අතර සම්බාහන මධ්‍යස්ථානය තුළ දී ඔහුට සේවය සැපයූ කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Rate this item
(4 votes)
Last modified on Thursday, 29 July 2021 19:16