March 29, 2024

රෝහලේ අඩුපාඩු ගොඩයි - රාජ්‍ය ඇමැති පිළි ගනී

කොව්ඩ් 19 වෙරසය මේ වන විට මුළු ලෝකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත් සමස්ත ලෝකයම අඩපණ කිරීමට මෙයට හැකි වී ඇති බව පසුගාමි ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික බෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.වියාලේන්ද්‍රන් මහතා පවසනවා. 

ඒ මහතා මෙම අදහස් දැක්වුයේ මඩකලපුව දිසා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා රෝහලේ අධ්‍යක්ෂකවරිය මෙන්ම අනෙකුත් කාර්ය මණ්ඩලද හමු වී රෝහලේ අඩුපාඩු මෙන්ම රජය මගින් රෝහලට විය යුතු දේ පිළිබඳවත් සාකච්ඡා කර තිබෙනවා.

මෙහිදී රෝහලේ අධ්‍යක්ෂකවරිය වන වෛද්‍ය කේ.කනකලිංගම් මහත්මිය පැවසූවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කොව්ඩ් පාලනය රෝහලේ සියලුමදෙනා ඇප කැප වී සිටින බවත් මේ වන විට මෙය පාලනය කිරීමට ලැබෙන වැක්සීන් ජනතාවට කඩිනමින් ලබා දෙන බවත්ය. දැනටමත් ගර්භනී මව්‍වරුන්ටද‚ වයස 60 වැඩි අයට ලබා දෙන බවද අධ්‍යක්ෂකවරිය පැවසුවා.

රාජ්‍ය අමාත්‍යවරයා රෝහලේ කාර්ය මණ්ඩලයට පැවසූවේ රෝහලේ අඩුපාඩු පිළිබඳව සෞඛ්‍යය ඇමැතිවරිය හා සෞඛ්‍ය අමාත්‍යංශය දැනුවත් කරන බවත්ය.

ඉදිරියේදී තවත් එන්නත් ලැබෙන බවත් වයස 30ට සියලු දෙනාටම හැකි ඉක්මනින් එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා රෝහලේ කාර්ය මණ්ඩලයෙන් ඉල්ලීම් කරනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 July 2021 21:24