April 25, 2024

අම්පාරේ පොහොට්ටු පොඩ්ඩෝ ලොක්කගේ වැඩේට පොල්ල තියලා : ආණ්ඩුකාරවරියගේ අප්‍රසාදය

කාබනික පොහොර ගොවිතැන සම්බන්ධයෙන් නැගෙනහිර පළාතේ පැවති වැඩ මුළුවකට එම පළාතට අයත් අම්පාර දිස්ත්‍රික්කය නියෝජනය කරන පොදු ජන පෙරමුණ පළාත් පාලන නියෝජිතයින් පැමිණි නැති බවට තොරතුරු දැනගන්නට තිබෙනවා.

බලපෑම් කළේ කවුද

එම දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ බලපෑම මත ඔවුන් සහභාගී නොවූ බවයි වාර්තා වන්නේ.

එම වැඩමුළුවට සහභාගි වුවහොත් මීළඟ පාලන මැතිවරණයේදී නාමයෝජනා නොදෙන බවට අම්පාර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ කණ්ඩායම් නායකයා වන විමලවීර දිසානායක මහතා ඔවුන්ට දැනුම් දී තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ආන්ඩුකාරවරියගේ අප්‍රසාදය

වැඩමුළුවට අම්පාර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පළාත් පළාත් පාලන නියෝජිතයන් සහභාගි නොවිම සම්බන්ධයෙන් වැඩමුළුවේ ප්‍රධානත්වය ගත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය වන අනුරාධා යහම්පත් මහත්මිය අප්‍රසාදය පලකොට තිබෙනවා.

ජනපතිවරයාගේ කාබනික පොහොර සංකල්පයට කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව තුළ කැමැත්තක් නැති බැවින් මෙම වැඩ මුළුවට සහභාගි වීම එම දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව අමනාප වීමට හේතුවක් වන බවයි ඇතැම් පළාත් පළාත් පාලන නියෝජිතයන් සිය නිදහසට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ.

ගොවි ජනතාව එසේ අමනාප කොටගෙන මීළඟ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් විය නොහැකි බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

දැනට අවසරය දෙන්න

විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාද මීට පෙර මේ සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී සඳහන් කර තිබෙන්නේ කාබනික පොහොර ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය කෙරෙන තුරූ රසායනික පොහොර භාවිතයට ගොවියන්ට අවසර දෙන ලෙසයි.

එම වැඩමුළුව පවත්වා තිබෙන්නේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේදී.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 29 July 2021 15:10

Related items