March 29, 2024

ළමා අධිකාරියෙන් රටේ ළමයි ගැන ඛේදජනක අනාවරණයක්

මෙරට ළමුන්ට ඔන්ලයින් හරහා සිදුවන හිංසන සම්බන්ධයෙන් ළමා අධිකාරියට ලැබෙන පැමිණිලිවල ඉහළ යෑමක් ඇති බවට වාර්තා වෙනවා. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පවසා සිටින්නේ පසුගිය වසරේ පමණක් එවන් පැමිණිලි 154ක් ලැබුණු බවයි.

එය මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා පැමිණිලි 74ක් ලැබී ඇති බවද ඒ මහතා පවසා සිටියා.

පසුගිය 2017 වසරේ සිට දත්ත ළමා ආරක්ෂක අධිකාරිය විසින් ඉදිරිපත් කර තිබුණු අතර ඒ අනුුව 2017 වසරේ දී අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවූ හිංසනයන් පිළිබඳව පැමිණිලි 51ක්ද, 2018 වසරේ දී 48ක්ද, 2019 වසරේ දී 52ක් ඒ අනුව ලැබී තිබෙනවා.

ඊට අමතවර පසුගිය මාස 06ක කාලයක් තුළ ළමා හිංසනයන් පිළිබඳව පැමිණිලි 4,700ක් ලැබී ඇති බවත් ඒ අතර බොහෝමයක් පැමිණිලි ළමා අපයෝජන, ලිංගිකව කරන ලද හිරිහැර ,පහරදීම්, ඔන්ලයින් ඔස්සේ කරන ලද හිරිහැරය.

සභාපතිවරයා තවදුරටත් පවසා සිටියේ මෙලෙස ලැබුණු බොහෝ පැමිණිලි පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවත්, අධිකාරියේ විෂයන්ට අයත් නොවන පැමිණිල අදාළ ආයතනයන් වෙත යොමු කර ඇති බවයි. 

Rate this item
(0 votes)