April 25, 2024

දික්ඔයේ කොවිඩ් පොකුරක් - මාස 6ක බිළිදෙකුටත් කොරෝනා

හැටන් දික්ඔය නගර සභා සිමාවේ පවුල් 8 කට අයත් සාමාජිකයන් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට අද (29) දින ලද පි.සි.ආර් පරික්ෂණ අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා පැවසුවා.

පෙර ආසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 40 දෙනෙකුගෙන් (25) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව නව ආසාදිතයන් 30 දෙනා හදුනාගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

හැටන් ගාමිණිපුර, හිජිරාපුර, දුඹුරුගිරිය පාර, බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවල පදිංචි නව ආසාදිතයන් 30 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමටත්, නව ආසාදිතයන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

(හැටන් - රංජිත් රාජපක්ෂ)                          

Rate this item
(0 votes)