March 29, 2024

මිල කළ නොහැකි පෞරාණික පිළිම දෙකක් නිධානයකින් මතු වෙයි (PHOTOS)

වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී නිධානයකින් ගත් බව පැවසෙන පුරාවිද්‍යා වටිනාකමකින් යුතු පිලිම දෙකක් විකිණීමට රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන අංශය පවසනවා.

වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේ සිට ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටියදී කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අදාල ත්‍රීරෝද රථය කුරුමන්කාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ත්‍රීරෝද රථයේ සඟවා රැගෙන යමින් සිටි කිලෝ 1කට වඩා බරින් යුතු අඟල් 08ක් උසැති දේව පිළිමයක් සහ කුඩා සත්ව පිළිමයක් තිබී සොයා ගෙන ඇති අතර එම පිළිම රත්තරන් හා සමාන වර්ණයකින් නිමවා තිබුණු බව අප වාර්තාකරු පැවසුවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කරන ප්‍රශ්න කිරීම් වලදී පොලීසියට පවසා ඇත්තේ අදාල පිළිම නිධානයකින් ලැබුනු ඒවා බවටත් ව්‍යාපාරිකයෙකුට විකිණීම සඳහා රැගෙන යමින් සිටි බවටත්ය.

කෙසේවෙතත් අත්අඩංගුවට ගත් අදාල පිළිමවල පෞරාණිකත්වය සහ වටිනාකම පරික්ෂා කිරීමට පියවර ගෙන ඇති බවටද සැකකරුවන් වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වව්නියාව පොලිස් කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා.

(වන්නි - රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Thursday, 29 July 2021 13:03