March 28, 2024

බස්වල යාමේ අවසරය එන්නත් දෙකම ගත් අයට පමණයි?

කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ පුද්ගලයින්ට පමණක් මගී බස්රථ සේවා ලබාගත හැකිවන පරිදි ක්‍රමවේදයක් සකසන ලෙසට රජය වෙත ඉල්ලීමක් පැමිණ තිබෙනවා.

මෙලෙස ඉල්ලීමක් ඉදිරිපත් කොට ඇත්තේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින්.

ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලාබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින් හට හැඳුණුම්පතක් නිකුත් කරන ලෙසට යි.

එම තාවකාලික හැඳුණුම්පත හැකි ඉක්මණින් නිකුත් කරන ලෙසට ද එම සංගමය ඉල්ලා සිටිනවා.

මෙම ක්‍රියාවලිය මගින් පළාත් අතර බස් ධාවනය සිදු කිරීමට ද හැකිවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අවධාරණය කළා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 28 July 2021 18:44