April 23, 2024

මෛත්‍රී අලුත් පෙරළියකට අතගසයි! ප්‍රබලයින් කැඳවා නායකත්වයත් අතට ගනී (PHOTOS)

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව පිහිටුවීම පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (28) ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා.

නව බියුරෝව සභාපති ලෙස ගරු පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහෙදී තේරී පත්වී තිබෙනවා.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලී දේවේන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්ෂ භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිටියා.

හිටපු මුදල් අමාත්‍ය දිවංගත අචාර්ය එන්.එම්.පෙරේරා මහාතාගේ යෝජනාවක් අනුව මෙම බියුරෝව පිහිටුවා තිබෙනවා.

මේ සදහා රාජ්‍ය ව්‍යාපාර අංශය, වතු අංශය, සමූපකාර අංශය, කාන්තා හා පෞද්ගලික අංශය යන වෘත්තීය සමිති මෙයට එක්වී තිබෙනවා.

ඊට අදාලව ශ්‍රි ලංකා තුළ පිහිටි සියලු  වෘත්තීය සමිති මෙයට සම්බන්ධ වී තිබෙන බව එම පක්ෂය පෙන්වා දෙනවා.

වෘත්තීය සමිති සම්බන්ධව පැන නැගෙන ගැටලු සදහා නව බියුරෝව ඉදිරියේදී ක්‍රියාකරන බවත් විශේෂයෙන්ම කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් නව බියුරෝව නායකත්වය ගනු ඇති බවත් එම පක්ෂය සඳහන් කරනවා.

May be an image of 4 people and people standing

May be an image of 3 people and text that says 'SLNSS tင ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති බියුරෝව SriLanka Freedom Party Trade Union Bureau லங்கா சுதந்திரக் கட்சி தொழிற்சங்க பணியகம் ខីជ្ន'

May be an image of 3 people and people standing

Rate this item
(0 votes)