April 25, 2024

කොවිඩ් එන්නත් ගත් අයට තෙවැනි මාත්‍රාවකුත්?

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින්ට තෙවැනි මාත්‍රාවක් ලබා දීම පිළිබඳව සලකා බලමින් සිටින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද සඳහන් කළා.

"ඩෙල්ටා වෛරසය ඕනෑම තැනක හමු වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේක දැන් රට පුරා පැතිරිලා තියෙනවයි කියලා. මේ ඩෙල්ටා වෛරසයට ශරීරය තුල ඇති කරන්නා වූ ප්‍රතික්‍රියාව අනෙකුත් වෛරස්වලට වඩා වෙනස් වීම හේතු කොටගෙන පෙනහළුවලට, අනෙකුත් ඉන්ද්‍රියන් වලට ඇති වන්නා වූ භෞතික වෙනස්කම් හේතුවෙන් සමහර විට ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාව අනෙක් වෛරස් වලට සාපේක්ෂව වැඩි වෙන බව වාර්තා වෙනවා. එවැනි තත්වයක් යටතේ තමයි මේ කියන ඔක්සිජන් අවශ්‍යතාවය වැඩි වෙන්නේ. අපිට අවශ්‍ය කරන ඔක්සිජන් හිඟයක් ඒ මොහොතේ කොහෙත්ම ඇත්තේ නැහැ."

මේ අතර බස්නාහිර පලාතෙන් වාර්තා වූ ආසාදිතයින් සඛ්‍යාව යලිත් වරක් 1000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ගෙවුණු දිනය තුල මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1711 දෙනෙක් හඳුනා ගෙන ඇති අතර ඉන් 23 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයයි.

ගෙවුණු දිනයේ බස්නාහිර පලාතෙන් වාර්තා වූ ආසාදිතයින් සඛ්‍යාව 1019ක්. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 481ක්. ගම්පහින් ආසාදිතයින් 310ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 228ක් වාර්තා වෙනවා.

මිට අමතරව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 109 වාර්තා වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 July 2021 16:35