April 20, 2024

වැඩිම එන්නත් දුන්නේ චීනයෙන්! ජනපතිගෙන් චීන ජනතාවට ආරාධනයක්

මෙරටට මෙතෙක් ලැබුනු එන්නත් ප්‍රදානයන්ගෙන් විශාලම එන්නත් ප්‍රදානය වශයෙන් සයිනොෆාම් එන්නත් ලක්ෂ 16 ක් සහ සිරින්ජර් ලක්ෂ 16 ක් ඊයේ (27) කටුනායක ගුවන්තොටුපළින් මෙරටට රැගෙන එන ලදි.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරිම සදහා ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවය මත මෙම එන්නත් සහ සිරින්ජර් චීන රජයෙන් සෟජු ප්‍රදානයක් ලෙස මෙරටට ලැබුනු අතර, මෙය ශ්‍රී ලකා රජයේ එන්නත්කරණ වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට ලද පියවරක් ලෙස සඳහන් කළ හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

UL-868 හා UL-864 යන ශ්‍රී ලංකන් ගුවන්යානා මගින් මෙම එන්නත් තොඟය මෙරටට ඊයේ රැගෙන එන ලදි.

මෙම එන්නත් තොඟය බාරගැනීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණි අතර, ශ්‍රී ලංකාවේ චීන තානාපති  චී චෙන්හුන්ග් මහතා විසින් එම එන්නත් සහ සිරින්ජර් තොඟය සංකේතවත් ව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කර තිබෙනවා.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරිය,

මෙම එන්නත් ප්‍රදානය සම්බන්ධයෙන් චීන රජයට අප ස්තූතිය පුද කරනවා. මෙරටට ලැබුන එන්නත් ප්‍රමාණයයෙන් සියයට 75 ක්ම චීනයෙන් අප මිලදී ගත් එන්නත් හෝ ප්‍රදානයන් වශයෙන් ලැබුන එන්නත් වෙනවා. අද දින ලැබුන මෙම එන්නත් සහ සිරින්ජර් චීන රජයෙන් නොමිලේ ලැබුණු ප්‍රදානයක්. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මැදිහත්වීමෙන් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමන් එන්නත් මෙරටට ගෙන්වීමට කටයුතු කළා. එන්නත්කරණය අතින් ලොව තුන් වන තැනට සමහර අවස්ථාවල ලංකාව පත් වුනා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මෙරට එන්නත්කරණය වේගයෙන්, සාර්ථකව මේ වන විට සිදු වෙනවා. ඉතා ඉක්මණින් මෙරට ජනතාවට එන්නත් ලබාදී මරණ සංඛ්‍යාව අඩු අගයකට ගෙනඒමට කටයුතු කරනවා. එන්නත්කරණය සම්පූර්ණයෙන් ලබාගත් රටවල්වල සිදුවන මරණ සංඛ්‍යාව අඩු වී තිබෙනවා. මෙරට කොවිඩ් හේතුවෙන් මියගිය පුද්ගලයින්ගෙන් සියයට 99 ක් එන්නත් ලබා නොගත් පිරිසක් වෙනවා. අද ලැබුන මෙම එන්නත් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල සියළු ජනතාව එන්නත්කරණය සදහා යොදා ගන්නවා.

මේ අතර චීන තානාපති, චී චෙන්ග් හොන්ග් (Qi Zhen Hong) මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එන්නත් නිල වශයෙන් භාරදීම ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ. මෙම එන්නත්වලට අමතරව සිලින්ජර තොගයක් ද පරිත්‍යාග කර තිබෙනවා.

මෙම එන්නත් උතුරු - නැගෙනහිර පළාත්වල වයස අවුරුදු 30ට වැඩි ජනතාවට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙනු ලැබිණ. මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ දී භාවිත එන්නත්වලින් 72%ක් සයිනොෆාම් වේ.

පසුගිය මාර්තු 31 වන දින සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක්, මැයි 26 වන දින ලක්ෂ 5ක් සහ අද දින ලද මාත්‍රා ලක්ෂ 16ත් සමග සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 27ක් පරිත්‍යාග කරමින් කොවිඩ් මර්දනයට චීන රජය ලබාදුන් සහාය බෙහෙවින් අගය කරන බව ජනාධිපතිවරයා පැවසුවා.

අගෝස්තු මස අවසන් වන විට වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට එන්නත ලබාදී අවසන් කිරීමට හැකි වෙතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා සංචාරක කටයුතු, සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීමට හැකි වෙතැයි සඳහන් කළා. එම නිසා චීන ජනතාවට නැවතත් මෙරට සංචාරයට ඇරයුම් කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. 

Rate this item
(0 votes)

Related items